Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

06th July 2023 20:19:38 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පිඑස්සී පසුගිය ජුලි මස 04 වන අගහරුවාදා දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පිඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය වගකීම් ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 54 පාබල සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ භටපිරිස් එක්ව සිටියහ.