02nd April 2025 05:54:38 Hours
541 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම අනුව වෙඩිතලතිව් ප්‍රාදේශීය රෝහලේ ආරක්‍ෂිත වැට ඉදිකිරීමේ පළමුවන අධියර වශයෙන් රෝහල හා වැට ඉදිකිරීමට නියමිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ 2025.03.29 වන දින 5(සෙව්) යාපාරෙ ඒකකයේ භඨ පිරිස්, රෝහල් කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් විසින් පවත්වන ලදි .