20th January 2025 11:03:02 Hours
2025 ජනවාරි 19 වන දින වෙහෙරතැන්න පාලම අඩි 6 ක් පමණ ජලයෙන් යටවීමෙන් ඇති වූ බලපෑම හේතුවෙන්, වෙහෙරතැන්න පාලම දිගේ ගම්වැසියන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා භටයින් වෙත 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භඨපිරිස්වල සහය ලබාදෙන ලදී. මෙය 211 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඩීපී සිරිවර්ධන පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.