18th September 2024 09:04:39 Hours
කැනඩාවේ හ්‍රී ලංකා වැන්කුවර් බ්‍රිටිෂ් කොලොන්බියා ස්වෙච්ඡා සංවිධානයෙහි මංජුල හේරත් මහතා සහ සංවිධානයෙහි සමාජිකයන්ගේ අනුග්‍රහය ඇතිව 5 (ස්වේ) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් රුපියල් ලක්ෂ (රු:300000.00) වඩා වැඩි වටිනාකමින් යුත් පාසල් උපකරණ හා වියළි සලාක මළු තේවාන්පිඩිඩ් රෝමාණු කතෝලික මහ විද්‍යාලයේ තෝරා ගන්නා ලද අඩු ආදයම් ලාභි පවුල්වල සාමාජිකයින් 17 ක් සහ පාසල් ළමුන් 34 දෙනෙකු වෙත බෙදාදිමේ වැඩසටහනක් 541 පාබල බලසේනාවේ 14 වන සංවත්සරයට සමගාමිව 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ උපදෙස් සහ මඟපෙන්විම මත 2024.09.11 වන දින විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පැවත්වන ලදි.
මෙම ප්‍රජා සත්කාර වැඩසටහන 54 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්පිඒආර්පි රාජපක්ෂ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 541 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් බිවයිසි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යුඑස්පි , කර්නල් සම්බන්ධිකරණ (සෙව්) කර්නල් නලින් ජයසිංහ, 5 (සෙව්) යාපාරෙ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේඒකේඑස් කොඩිතුවක්කු යුඑස්පි සහ ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සියළුම සෙසුනිලයන්, මාන්තෛයි බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරි, මාන්තෛයි බටහිර කලාප අධ්‍යාපන කාර්යාලය , අවට පාසල්හි විදුහල්පති වරුන් හා එම විද්‍යාලයේ ගුරුවරුන් හා පාසල් ළමුන් මෙම ප්‍රජා සත්කාරය සදහා සහභාගි වන ලදි