Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th December 2023 07:48:08 Hours

29 නොවැම්බර් 23 වන දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිල සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා ආඥාපති (වන්නි) - ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පීඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු 2023 නොවැම්බර් 29 වන දින 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිල සංචාරයක නිරත විය. ආරක්‍ෂක සේනා ආඥාපති පැමිණි අවස්ථාවේදී 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා අණදෙන නිළධාරී, ලුතිනන් කර්නල් එන් වී ඒ එම් විතානගේ ආර්එස්පී පීඑස්සී විසින් පිළිගන්නා ලද අතර, මුලින්ම ආරක්ෂක සේනා ආඥාපති, එම ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව මූලස්ථාන කාර්යාල සංකීර්ණ පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී.

ඉන්පසු එහි අණදෙන නිළධාරි විසින් 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව පිළිබඳ දළ විශ්ලේෂණයක් සිදු කරන ලදී. පසුව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම බලකායේ බලළත් නිළධාරි සහ සැරයන් නිවස්නය වෙත ගොස් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල නිරීක්‍ෂණය කළ අතර සන්නද්ධ රථ අංගනය වෙත ගොස් එහි ප්‍රදර්ශනය කොට තිබු සන්නද්ධ රථ නැරඹීමට ද එක් විය.

තවද සෙසු නිළයින්ගේ නවාතැන් පිළිබඳ සොයා බැලු ආඥාපතිතුමන් අණදෙන නිළධාරි විසින් පිරිනැමු සමරු ඵලකය පිළිගත් අතර අවසානයේ 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තු සංචාරය සනිටුහන් කරමින් අමුත්තන්ගේ පොතෙහි සටහනක් තබන ලදි.