08th April 2025 20:01:47 Hours
213පාබල බළසේනාව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් “එරබදු උදානය2025”බක්මහ සැණකෙළිය අප්‍රේල් මස 05 වන දින බළසේනා ක්‍රිඩා භුමියේදි සියලු නිළයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම අවුරැදු උත්සවයට කනා මුට්ටි බීදිම, කඹ ඇදීම, කොට්ටාපොරය, “අවුරුදු කුමරා” තෝරා ගැනිම ඇතුලුව සම්ප්රදායිකජන ක්‍රිඩා රාශියක් ඇතුළත් විය.213 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් පී එම් ද සිල්වා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ අති සාර්ථකව බක්මහ සැණකෙළිය සිදුකරන ලදි.