Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd February 2024 15:02:25 Hours

213 පාබල බළසේනාවේ "රිවර් වීව් කොටේජ්" නමින් නිකේතනයක් විවෘත කරන ලදී

ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) සංකල්පයකට අනුව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම යටතේ සහ 213 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 213 පාබල බසේමු,2 යාපාරෙ, 2(සෙවි) විපාරෙ, 5 ශ්‍රිලංජආබමුහි භට පිරිස් සහභාගිත්වයෙන් 213 පාබල බළසේනාව විසින් පාලනය කරනු ලබන රිවර් එජ් ලෙෂර් නිවාඩු බංගලාව (River Edge Leisure Holiday Bungalow) තුල "රිවර් වීව් කොටේජ්" (RIVER VIEW COTTAGE) නමින් සියලු පහසුකම් සහිත නිවාඩු නිකේතනයක් ඉදිකරන ලදී.

මෙම නිකේතනය ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජේෂ්ඨ නිලධාරි විසින් 2024 පෙබරවාරි 17 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. එම අවස්ථාව සදහා 21 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, 213 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් එච් ඒ ඒ එන් සී ප්‍රභාත් ආර්එස්පී යූඑස්පී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ2 යාපාරෙ, 2(සෙව්) විපාරෙ, 5 ශ්‍රිලංජාආබමු එකකයන්හි අණදෙන නිලධාරිවරුන්, 213 පාබල බළසේනාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වන ලදි.