Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th May 2024 21:14:06 Hours

212 පාබල බල සේනාව මගින් සංවිදානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන

212 පාබල බළසේනාවේ භටපිරිස් විසින් අනුරාධපුර, නුවර වැව වැව් බැම්මෙහි පිහිටි ඇවිදින මංතීරුව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2024 මැයි මස 21 වන දින ක්‍රියාත්මක කරනු ලැබීය. 212 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ආර්එම්සි රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.