Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd September 2024 20:08:53 Hours

211 පාබලබළසේනාවේ භට පිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සදහා දායකත්වය ලබාදිම

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අඥාපති මේජර් ජෙනරාල් ජේ පි සි පිරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එස්සිකේ වනසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම යටතේ 211 පාබල බළසේනාවේ භඨ පිරිස් 2024 සැප්තැම්බර් මස 16 වන දින පදවිය මුලික රෝහලේදි සිදුකරන ලද ලේ පරිත්‍යාග කිරිමේ කදවුර වෙත ලේ පරිත්‍යාග කරන ලදි.

211 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිඑන් කදනආරච්චි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 211 පාබල බළසේනාව, 9 ගජබා රෙජිමේන්තුව හා 5 වන ස්වේච්ඡා ගජබා රෙජිමේන්තුව, නිලධාරි/සෙසුනිළයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 120 දෙනෙකු පදවිය මුලික රෝහල් භූමියේදි සිදුකරන ලද මෙම වැඩසටහන සදහා සහභාගි විය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සදහා පදවිය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දායකත්වය ලබාදුන් අතර, කොළඹ රාජකිය විද්‍යාලය හා රතු කුරුස සමාජය ඔවුන්ගේ 45 වැනි වාර්ෂික ලේ දන්දිමේ වැඩසටහනට සමගාමිව මෙය ක්‍රියාත්මක කරන ලදි.