19th June 2025 08:59:29 Hours
211 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටිඩිපි සිරිවර්ධන පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 211 පාබල බළසේනාව, 9 ගජබා රෙජිමේන්තුව සහ 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව යටතේ රාජකාරි කරනු ලබන නිළධාරින් සහ සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජුනි මස 07 වන දින පදවිය මුලික රෝහලේ දි සිදු කරනු ලදි. මේ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 54 දෙනෙකු ස්වේච්ඡාවෙන් සහභාගි වුහ.
මෙම වැඩ සටහන සාර්ථක කර ගැනිම සඳහා පදවිය මුලික රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු වෛද්‍ය කණ්ඩායම දායකත්වය ලබාදුන් අතර, කොළඹ රාජකිය විද්‍යාලීය රතු කුරුස සමාජය ඔවුන්ගේ 46 වැනි වාර්ෂික ලේ දන්දිමේ වැඩසටහනට සමගාමිව මෙය ක්‍රියත්මක කරන ලදි.