07th August 2024 20:29:44 Hours
ශ්‍රි ලංකා යුද්ධ හයමුදාවට වසර 75 ක් පිරීම නිමිත්තේන් 211 පාබල බළසේනාවට අයත් සම්පත්නුවර ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශයේ අංක /177 නව මොණරවැව වැළිඔය ග්‍රාමයේ පදිංච් දරුවන් තිදෙනෙකු සමග ජිවත් වන ඩබ්ලිව්ඒ අනුෂා නිරංජනි මහත්ම්ය හා පවුලේ සමාජිකයින් වෙත රුපියල් ලක්ෂ තිස්පහක (රු3500.000.00) පමණ වටිනාකමකින් යුත් නව නිවසක් 211 පාබල බළසේනාවේ සහ 9 ගරෙ භඨ පිරිස් විසින් ඉදිකර එම නිවස නිවාසළාභි පවුල වෙත පවරාදිම 2024 අගෝස්තු මස 05 වන දින සිදු කරන ලදි.
මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු සදහා මුල්‍ය අනුග්‍රාහකත්වය මහජන බැංකුව ප්‍රාදේශිය කාර්යාලයේ මැදිහත්විම මත මහජන බැංකුව පදවි ශාඛාව වෙතින් ලබාදෙන ලදි.
මෙම නිවස නිවාසළාභි පවුල වෙත භාරදිමේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයන් ආසේමු (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජේපිසි පිරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහාභගිත්වයෙන් සහ 211 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිඑන් කදනආරච්ච් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම යටතේ මෙම විවෘර්ත කිරිම සිදුකරන ලදි. මේ සදහා 9 ගරෙ වෙතින් ශිල්පිය ශ්‍රමදායකත්වය ලබාදුන් අතර. මෙම අවස්ථාව සදහා 9 ගරෙ අණදෙන නිළධාරි සහ සෙසුනිළයින් සහාභාගි වන ලදි.