Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd April 2024 20:26:46 Hours

21 වන පාබල සේනාංක මූලස්ථානය විසින් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමරයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව 21 වන පාබල සේනාංක මූලස්ථානය විසින් 2024.04.21 දින කූඹිච්ච්න්කුලම වැවි තාවුල්ල පරිශ්‍රෙය්දී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර, ඒ සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිළයින්, පවුල් වල සාමාජිකයින් සහ සිවිල් වැසියන් සහභාගී වන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඒස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගී වන ලදී. මෙම අවුරුදු උත්සවය කඹ ඇදීම, අවුරුදු කුමරා/ කුමරිය තේරීම, අලියාට ඇස තැබීම වැනි සංස්කෘතික හා විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත විය.

අවුරුදු උත්සවය අවසානයේදී සේනාංකාධිපති තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් තරග ඉසව් වලින් ජයග්‍රහණ අත්කරගත් අය සදහා ත්‍යාග සහ කුසලාන පිරිනමන ලදී.