Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st February 2025 11:49:55 Hours

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති නිල සංචාරයක

21 පාබල සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 28 දින 212 පාබල බලසේනාව යටතේ පාලනය වන 7 (ස්වේ) ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ඒකකය හා 4 (සෙවි) ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුව වෙත නිල සංචාරයක නිරත වූහ.

එම ඒකකයන් වෙත සපැමිණි 21 පාබල සේනංකයේ සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සමිමාන මුරයකින් ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඒකක අණදෙන නිලධාරින් ප්‍රමුඛ සියලු නිලයින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, 21 පාබල සේනංකයේ සේනාංකාධිපති විසින් එම ඒකකයන්හි භටපිරිස් ඇමතිම සිදු කර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.