Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

28th January 2025 17:09:24 Hours

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති නිල සංචාරයක

21 පාබල සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 27 දින 211 පාබල බලසේනාව, බළඇණි පුහුණු පාසල ගල්කුලම සහ ඒ යටතේ පාලනය වන ඒකකයන් වෙත නිල සංචාරයක නිරත වූහ.

එම මූලස්ථානයන් හා ඒකකයන් වෙත සපැමිණි 21 පාබල සේනංකයේ සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 211 පාබල බලසේනාවේ බලසේනාධිපති, බළඇණි පුහුණු පාසලේ සේනවිධායක හා ඒකක අණදෙන නිලධාරින් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, එම සෑම ස්ථානයකම 21 පාබල සේනංකයේ සේනාංකාධිපති විසින් භටපිරිස් ආමන්ත්‍රණය කර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම සංචාරය සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.