Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th April 2024 21:41:44 Hours

21 පාබල සේනාංකය සිය 36 වන සංවත්සරය සමරයි

2024 අප්‍රේල් මස 04 දිනට යෙදී ඇති 21 වන පාබල සේනාංකයේ 36 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලදී.

සංවත්සර දිනයට පෙර 21 වන පාබල සේනාංකයේ භට පිරිස් 2023 පෙබරවාරි 26 වන දින කුබිච්චන්කුලම වැවේ ඇවිදින මංතීරුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මීට අමතරව, 21 පාබල සේනාංකය විසින් සේනාංකයේ රාජකාරි කරනු ලබන නිලධාරී සහ සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟයක් පෙබරවාරි 28 වන දින සංවිධානය කරන ලදී. තවද, සංවත්සර දිනයට සමගාමීව 2024 අප්‍රේල් 01 සහ 2 දෙදින තුළ සේනාංකයට, යුද හමුදාවට සහ සියලුම භට පිරිස් වෙත ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ දානමය පුජාවක් සිදු කරන ලදී.

2024 අප්‍රේල් මස 04 දින හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත 7 (සෙව්) ශ්‍රීලසසබ භට පිරිස් විසින් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. අනතුරුව සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, සන්ධ්‍යා භාගයේදී උත්සවයේ අවසන් අංගය ලෙස සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.