Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th February 2022 20:48:11 Hours

21 පාබල සේනාංකය වෙතින් හරිත කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම

අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හරිත කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2022 පෙබරවාරි 2 වැනි දින 21 පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. 21 පාබල සේනාංකය විසින් මෙම වැඩමුලුව සදහා පහසුකම් සලසා දුන් අතර හරිත කෘෂිකර්ම ව්‍යාපෘතින් හී නියැලෙන්නන් 225 දෙනෙකු මෙම වැඩමුලුව නියෝජනය කරන ලදි. එහිදී පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සිවිල් නියෝජිතයින් 145 දෙනෙක්ද යුද්ධ හමුදා නිළධාරින්/ සෙසුනිළයින් 80 දෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 30 දෙනෙකු මේ සදහා සහභාගි විය. මෙම වැඩමුළුව සදහා හරිත කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ දේශණ හා "කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ කෙසේද" යන්න ප්‍රායෝගික පුහුණුවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂය ප්‍රවීණයන් විසින් ලබා දෙන ලදි.

මෙම වැඩමුලුවේ ආරම්භක උත්සවය සදහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ එම් ජේ කේ ජයසුන්දර මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූ අතර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා සිවිල් රාජ්‍ය නිලධාරින්ද සහභාගි විය .