Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th April 2024 21:03:25 Hours

21 පාබල සේනාංකය විසින් රුවන්වැලි මහා සෑය විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී

21 වන පාබල සේනාංකය විසින් 2024 අප්රේරල් 08 වන දින අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලි මහා සෑ පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලද අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් පරිසර සංරක්ෂණයට දායක වීමට කැමැත්තක් දක්වන 212 සහ 213 පාබල බලසේනාවල භට පිරිස් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදි.

ස්තූප පරිශ්‍රයේ පිරිසිදුකම ප්‍රවර්ධනය කිරීම සහ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීම සඳහා භට පිරිස් මනා කැපවීමක් සිදුකල අතර, මෙම ව්‍යාපෘතිය මගින් 21 වන පාබල සේනාංකයේ ආයතනික සමාජ වගකීම් (CSR) සහ ප්‍රජා සහභාගීත්වය සඳහා ඇති කැපවීම පෙන්නුම් කරන ලදී.