Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd April 2024 09:05:31 Hours

21 පාබල සේනාංකය කදු නැගීමේ විනෝද චාරිකාවක

කණ්ඩායම් හැගීම් වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සෑම විටම සුහදත්වය වර්ධනය කිරීම, කණ්ඩායම් හැගීම වැඩි දියුණු කිරීමට බලපාන අතර එය අරමුණු කරගනිමින් 21 පාබල සේනාංකය විසින් කදු නැගීමේ විනෝද චාරිකාවක් මිහින්තලේ කලුදිය පොකුණ පරිශ්‍රයේදී 2024.03.07 දින පවත්වන ලදී. මෙම විනෝද චාරිකාව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව 21 පාබල සේනාංකයේ නිළධාරීන් සහ සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

කදු නැගීම ආරම්භයට ප්‍රථම 21 පාබල සේනාංක සේනාංකාධිපතිතුමන් විසින් චාරිකාව සදහා සහභාගී වූ සියලු නිළයින් අමතා දිරිමත් කිරීමක් සිදුකරන ලදී. කණ්ඩායමක් වශයෙන් ක්‍රියාකිරීමේ ඇති වැදගත්කම හා එහි ප්‍රථිපල පිළිබද සේනාංකාධිපතිතුමන් විසින් එහිදී පැහැදිලි කරන ලදී. අනතුරුව කදු නැගීම ආරම්භ කරන ලද අතර සහභාගී වූ සියලු දෙනාම ගමනාන්තය කරා සාර්ථකව ලගා වන ලදී. කදු නැගීම අවසන් කර මහකනදරාව වැව ආසන්නයට පැමිණි සියලු දෙනා දිවා ආහාරය එහිදී ලබාගනිමින් චාරිකාව අවසන් කරන ලදී.