Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd July 2023 19:20:09 Hours

21 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් නික්මයාම වෙනුවෙන් පවත්වනලද සමුගැනීමේ උත්සවය.

21 වන පාබල සේනාංකය විසින් ජුලි මස 18 වන අඟහරුවාදා දින හමුදා ගෞරව සහිතව නිල වශයෙන් එහි 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූයන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමුගැනීමේ උත්සවය නිල වශයෙන් පවත්වන ලදී. නික්ම යන සේනාංකාධිපති වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

පිටව යන ආඥාපතිවරයා වෙත පිවිසුම් දොරටුව අසලදී සම්මාන මුරයක් පිරිනැමූ අතර, පසුව හමුදා ආචාර පෙළපාලියේ ගෞරව සම්මානය සමාලෝචනය කිරීමට ඔහුට ආරාධනා කරන ලදී. අනතුරුව, 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සියළුම බලසේනාධිපතිවරුන් සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඉදිරියේ සිය කාර්යාලයේ දී කටයුතු භාරදීම සඳහා සහභාගී විය. ඉන් අනතුරුව මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදි.

21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් භඨ පිරිස් ඇමතූ අතර එහිදී ප්‍රදේශයේ සිවිල්-හමුදා සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කරමින් සාමකාමී පරිසරයක් ඇති කර ගැනීම සඳහා ඉටුකරන ලද සේවාව වෙනුවෙන් අදාළ ස්ථානයන්හි සේවය කරන සියලුම නිලයන් වෙත සිය අවංක කෘතඥතාව පුද කරන ලදී.

එහිදී, සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහය පැවත්වීමෙන් අනතුරුව, 21 වන පාබල සේනාංකයේ සේවයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.

එදින සමුගැනීමේ වැඩසටහන අවසානයේදී, 211 වන පාබල බලසේනාංකයේ සේනාංකාධිපති විසින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ විශිෂ්ට මඟපෙන්වීම සහ අණදීම වෙනුවෙන් ඇගයීමේ සංකේතයක් පිරිනමන ලදී.