Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

07th April 2025 14:10:30 Hours

21 පාබල සේනාංකයේ 37 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් ඩබ්ලිව් බී ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත සේනාංකයේ අභිමානවත් 37 වන සංවත්සරය දින සැමරුම සනිටුහන් කරමින් 2025 අප්‍රේල් මස 04 දින 21 පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයේදී, සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පුදකරන ලදී.

සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් පිරිසක් සහභාගි වූහ.

තවද සංවත්සර දිනයට සමගාමීව ක්‍රිකට් තරගාවලියක් සහ බෝධි පූජා පිංකමක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී පවත්වන ලදී.