22nd November 2025 11:12:18 Hours
මේජර් ජෙනරල් ටී එන් කේ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 21 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 21 පාබල සේනාංක මූලස්ථානයේදී අභිනව සේනාංකාධිපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
21 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් 211, 212 සහ 213 බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, 2 (ස්වේ) විපාරෙ ඒකක භඨ පිරිස් විසින් කදවුරු මුරයක්ද, සම්මාන පෙළපාලියක්ද පිරිනමමින් සේනාංකාධිපති හට ගෞරවාචාර දක්වන ලදී.
සේනාංකාධිපතිතුමන් ඉන් අනතුරුව සේනාංකයේ සියලු නිලධාරීන් සමග සමූහ ජායාරූපයකට පෙනී සිටිමෙන් පසු රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමිපානන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සිය රාජකාරී භාරගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයට සේනාංකාධිපති කාර්යාලයේදී සංකේතාත්මකව අත්සන් තබන ලදී.
අනතුරුව නව සේනාංකාධිපති විසින් පැමිණ සිටින භඨ පිරිස් අමතන ලද අතර 21 පාබල සේනාංකයේ ඉදිරි ප්රගමනය සදහා තම දැක්ම හා අභිලාශයන් පිළිබදව දැනුවත් කරන ලද අතර සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වීමෙන් පසු වැඩසටහන නිමාවට පත් විය.
මෙම අවස්ථාව සදහා සේනාංකයට අයත් බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සේනාංක මූලස්ථානයේ සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් සහභාගී වන ලදී.