Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2024 19:40:45 Hours

2024 මාර්තු මස 07 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව ගැබිණි මව්වරුන් හට වියළි සලාක මලු බෙදාදීම හා වෛද්‍ය සායනයක් පැවැත්විම.

56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 561 වන පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 10 ශ්‍රිලපාහ, 16 ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ කාන්තා දිනයට සමගාමීව බලප්‍රදේශයේ ජීවත්වන ගැබිණි මව්වරුන් 34 දෙනෙකු හා අඩු ආදායම්ලාභී පවුල් 16 ක සාමාජිකයින් සඳහා රු:7,500.00 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් හා ආයුර්වේද වෛද්‍ය සායනයක් 2024.03.07 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා 16 ශ්‍රිලංසිරෙ ඒකක “ඒ” කණ්ඩායම (පූතුර්) යන ස්ථානයේ සිදුකරනු ලදි.

ඒ අනුව එම වැඩසටන සඳහා 56 වන පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 561 වන පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ඇතුළු අනෙකුත් නිලධාරින් සහ පෙරියකුලම් ආයුර්වේද රෝහලේ වෛද්‍යවරියන් හා භඨපිරිස්හි සහභාගීත්වයෙන් යුතුව එම වැඩසටහන සාර්ථකව සිදුකරනු ලදි.