Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

31st December 2022 19:14:47 Hours

2023 වසරට සෙත් පතා ක්ෂිර පායාස දානමය පිංකම් පැවැත්විම.

ආඥාපති මේජර් ජෙනරාල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර් එස්පී ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ගේ මග පෙන්විම යටතේ උදාවන 2023 නව වසරට සෙත් පතා ක්ෂිර පායාස දානමය පිංකමක් ශ්‍රී මහා බෝධි රාජයාන් වෙත හා රුවන්වැලි මහා සෑ රදුන් වෙත ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) වෙතින් 2022 දෙසැම්බර් මස 31 වන දින උදැසන සිදුකරනලදි.

ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) හා ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) මේ සදහා දායකත්ව ලබාදුන් අතර මේ සදහා ආඥාපති මේජර් ජෙනරාල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, බ්‍ර්ගේඩියර් මාණ්ඩලික ප්‍රධානි බ්‍ර්ගේඩියර් ගමගේ ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ඇතුළුව එම මුලස්ථානවලට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් ද රෙජිමේන්තු සැයන් මේජර් ඇතුළු ජ්‍යෙෂ්ඨ කොමිසන් නොලත් නිළධාරීන්, කොමිසන් නොලත් නිළධාරීන් හා සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.