Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd January 2023 20:38:30 Hours

2023 නව වර්ෂයේ වැඩ ආරම්භක පෙළපාලිය ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 02 වන දින පැය 0830 ට පවත්වන ලදී

උදා වු නව වර්ෂයේ වැඩ ආරම්භක පෙළපාලිය මුලස්ථාන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දි ආඥාපති මේජර් ජෙනරාල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 02 වන දින පැය 0830 ට පැවැත්විනි. මෙහි දි ප්‍රථමයෙන් ජාතික ගීය හා යුධ හමුදා ගීතය ගයනා කිරිමෙන් පසුව මිය ගිය රණවිරුවන් සිහිකර ද වස් විනාඩි 02 ක නිස්ශබ්දතාවයක් පවත්වන ලදි. ඉන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදුන් අතර ආඥාපතිතුමන් විසින් භට පිරිස් හා සිවිල් සේවක මහත්ම මහත්මින් අමතා නව අවුරුදු පණිවිඩය ප්‍රකාශයට පත් කරන ලදි.

තවද නව වසරේ වැඩ ආරම්භ පෙළපාලියට සමගාමිව සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වටිනා වියලි සලාක මල්ල බැගින් ප්‍රධානය කිරිම, රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම හා අවසාන වශයෙන් සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.

ඉහත සියළු වැඩසටහන් ආඥාපති මේජර් ජෙනරාල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර මේ සදහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි, බ්‍රිගේඩියර් පාලන භකාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරින්, කොමිෂන් නොලත් නිළධාරින්, සෙබල, සෙබලියන් හා සිවිල් සේවක මහත්ම මහත්මින් සහභාගි වන ලදි.