Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd July 2022 09:05:12 Hours

2022.06.25 වන දින මු/හැළඔවැව පාථමික විද්යාලයේ ගුරුනිවාසය විවෘත කිරිම

62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර්ජෙනරාල් සුජිව හෙටිටිආරචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 622 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඉනෝජ් හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ අධික්ෂණයෙන් යුතුව හා අත්තනගල්ල සිංහ සමාජයේ මුල්යහමය දායකත්වය මත 622 පාබල බසේමු සෙනින්ගේ ශ්‍රමදායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකරන ලද මු/හැළඔවැව ප්‍රථමික විද්යාලයේ ගුරැ නිවාසය 2022.06.25 වන දින පාසලෙහි ආචාර්ය මණ්ඩලය වෙත භාරදෙන ලදි.

එම උත්සව කටයුත්ත 9 ගරෙ ඒකක අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් සේනක මුණසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ මග පෙන්විම යටතේ එම ඒකක සෙනින් විසින් සංවිධාන කටයුතු සිදුකල අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 621 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් නිශ්ශංක කදනආරාචිචි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සහභාගි වන ලදි.

තවද එම වැඩසටහනට සමගාමිව පාසල් ළමුන් 50 ක් සදහා රු3500.00 වටිනා කමකින් යුත් පාසල් උපකරණ එක් කටිටලය බැගින් බෙදාදුන් අතර, එදින එම දුදරැවන්ගේ දෙමාපියන් 46 දෙනෙකු සදහා රු3000.00 ක වටිනාකමකින් යුතු වියලි සලාක පාර්සලය බැගින් බෙදාදෙන ලදි.