Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

30th May 2022 19:58:36 Hours

2022 අ:පො:ස (සා:පෙළ) විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් හට ප්‍රවාහන පහසුකම් සලසා දිම

මන්නාරම් දිස්ත්‍රික්කයට අයත් මඩු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල 653 බලසේනා මුලස්ථානය හා 24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව ස්ථාපිතව ඇති අතර, ප්‍රදේශයේ ජනතාව ජිවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය සහ ගෘහ ආශ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රිත කර්මාන්ත වල නියැලි සිටින අතර, වත්මන් ආර්ථික අර්බුදය මැද ඉතාමත් අපහසුවෙන් ජිවනෝපාය ගතකරයි. මෙම ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හල මඩු හංදිය අසල පිහිටා ඇති අතර, ඉන්ධන නොමැතිකම ඔවුන්ගේ දෛනික ජිවිත වලටද තදින් බලපා ඇත.

මෙම මඩුරක්ෂිතය ප්‍රදේශය තුල කුඩා ගම්මානයන් ලෙස ඇති පෙරියපන්ඩිවිරිච්චාන්, සින්නපන්ඩිවිරාච්චාන්, පෙරියතම්පනේ, පූමලන්තන් යන ගම්මාන පිහිටා ඇති අතර,බොහෝමයක් සිසුන් පෙරියපන්ඩිවිරිච්චාන් මහ විද්‍යාලයේ අධ්‍යාපන සිදුකරනු ලබයි. ඉන්ධන හිගතාවය මත බස් රථ ධාවනය කිරිම සිමාවිමත් සමග මෙවර අ:පො:ස (සා:පෙළ) විභාගයට පෙනි සිටිනු ලබන ප්‍රදේශයේ සිසු දරුවන් හට පෙරියපන්ඩිවිරිච්චාන් පාසලට නියමිත වේලාවට පැමිණිමටත් නැවත නිවස් කරා ගමන් කිරිමට ගැටලු සහගත තත්වයක් බවට පත්ව ඇත.

එබැවින් 65 පාබල සේනාංකායේ සේනාංකාධිපතිගේ උපදෙස් ප්‍රකාරව 653 පාබල බසේමු හා 24 ගරෙ රාජකාරි කරනු ලබන භටපිරිස් වල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ලබාදී ඇති සුභසාධන බස් රථය මෙවර අ:පො:ස (සා:පෙළ) විභාගයට පෙනිසිටින ප්‍රදේශයේ සිසු සිසුවියන් ප්‍රවාහනය කිරිම සදහා ලබාදී ඇති අතර, එමගින් සිසුන් විශාල සංඛ්‍යාවකට සෙත සෑදි ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව මෙන්ම නියමිත වේලාවට විභාග මධ්‍යස්ථානයට ඒමටත් නිවසට යාමට හැකිවිම ඔවුන්ගේ දෙමව්පියන්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.

මෙම කාලීන ප්‍රජාසත්කාර ක්‍රියාව සැබැදිව විදුහලේ ගුරුභවතුන්, ප්‍රදේශවාසින් යුද්ධ හමුදාව වෙත සිය ප්‍රශංසාව හා කෘතවේදිත්වය දක්වා ඇත.