Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th November 2023 21:39:00 Hours

2 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිනවයෙන් ඉදිකරනු ලැබු රණවිරු ස්මාරකය උත්කර්ශවත් ලෙස විවෘත කල වගයි.

වර්ෂ 2009 මැයි මසට පෙර පැවති මානුෂිය මෙහෙයුමේ දි රට වෙනුවෙන් දිවිපිදු 2 විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් 2 විජයබාහු පාබල රෙජිමේන්තුව ඉරටිටපෙරියකුලම වවිනියාව යුද්ධ හමුදා කදවුරේ අභිනවයෙන් ඉදිකරනු ලැබු රණවිරු ස්මාරකය 2023 නොවැමිබර් මස 05 වන දින විවෘත කෙරෙණි.

2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර් එම් කේබි රත්නායක ආර්එස්පි ආරාධනයෙන් ආරෂක සේනා මූලස්ථානය වන්නි ආඥාපති තුමන් වන මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු උත්සව අවස්තාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

වන්නි ආඥාපති තුමන්ගේ පැමිණීමෙන් පසුව සියලුම ආරාධිතයින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය අභියස පැවති ආගමික වතාවත් සදහා එක්වු අතර අනතුරුව එතුමන් රණවිරු ස්මාරකයේ සමරු පලකය නිරාවරනය කරමින් රණවිරු ස්මාරකය විවෘත කරනු ලැබීය.

සාම්ප්‍රදානුකූල රණ බෙර වාදනයක් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදු 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියලුම රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබිදතාවයක් පවත්වා ගෞරවාචාර පුදකරනු ලැබීය.

වන්නි ආඥාපති තුමන් අනෙකුත් හා දිවිපිදු 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ලගම ඥාතීන් සමග එක්ව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාරය පුදකරමින් සිය ගෞරවය පුද කලහ.

හමුුදා සම්ප්‍රදායානුකූලව වැයෙන බියුගල් නලා කරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසු වීමත් සමග උත්සවයේ සමාප්තිය සනිටුවන් විය.

2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් ආර්එම්කේබි රත්නායක ආර්එස්පි ගේ උපදේස් හා මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදි. මෙමගින් 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් රට වෙනුවෙන් සිදු කරනු ලැබු කැපකිරීමේ අතීත මතකයන් දසාකාලික වනු ඇත.

උත්සව අවස්තාවට 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබිලිව්පි යුඑස්පී එන්ඩියු පිඑස්සි තුමන් හා 213 පාබල බල සේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් එමිකේඩිපි මාපලගම පිඑස්සි ‍ ඇතුලු යුද්ධ හමුදා සහ විශ්‍රාමික නිලධාරීන් විශ්‍රාමික සෙසුනිල සහ 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ ඥාතීන්ද එක්විය.