Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th November 2024 11:39:38 Hours

2 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් එම ඒකකයෙහි සාමාජිකයෙකු වෙත නිවසක් ඉදිකර දෙයි

අංක 77 ළිදවැව මැදවචිචිය ප්‍රදේශයේ පදිංචි නිරෝෂා රොද්‍රිගෝ මහත්මිය ඇතුලු පවුලේ සමාජිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව නිවසක් ප්‍රථිලාභින් වෙත 2024 නොවැම්බර් මස 19 දින පවරා දෙන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනාංක මුලස්ථානය වන්නි ආඥාපති ‍මේජර් ජෙනරාල් ජේපිසි පිරිස් ආර්ඩබිපි ආර්එස්පි එන්ඩිසි සහභාගී වු අතර 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පි යුඑස්පී සහ 213 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් පි එම් ද සිල්වා ආර්එස්පි යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ඇතුලුව ඒකකයේ නිලධාරින්, සෙසු නිලයින් හා ගමිවාසින් සහභාගි වන ලදි. මෙම නිවස ඉදිකිරීම සඳහා මැදවචිචියේ ප්‍රාදේශීය ලේකමි එමිසි මලවිආරචිචි මැතිණියගේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ පදිංචි දර්ශණ ගුණසේකර මහතා විසින් අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදී. 2 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදි.