Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th April 2024 20:29:09 Hours

17 (ස්වේ) ශ්‍රීලපාහ ඒකකය විසින් පොල් පැල රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

‘’දෙවන පොල් ත්‍රිකෝණය උතුරට’’ යන සංකල්පය යටතේ ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) තුමාගේ උපදෙස් මත, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 562 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එස්ජේ තෙන්නකෝන් ආර්එස්පී ගේ මග පෙන්වීම යටතේ 17 (ස්වේ) ශ්‍රි ලංකා පාබල හමුදා ඒකක අණදෙන නිලධාරි මේජර් එච්එම්ජේ ප්‍රේමතිලක ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් යුතුව සංවිධානය කරන ලද පොල් පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් 2024 අප්‍රේල් 08 වන දින පම්පෙමඩු ග්‍රාමසේවා වසමේ වීරබාහු ඥාණප්‍රකාෂ් යන ගොවි මහතාගේ අක්කර දෙකක භුමියේ සංවිධානය කර මෙම ඒකක භඨපිරිස් විසින් පොල් වලවල් සකස් කිරීමෙන් අනතුරුව පොල් පැළ රෝපණය කරන ලදි.

මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 17 (ස්වේ) ශ්‍රි ලංකා පාබල හමුදා බළඇණියේ අණදෙන නිලධාරි මේජර් එච්එම්ජේ ප්‍රේමතිලක ආඑර්එස්පී ශ්‍රිලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ඒකක ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් හා සෙසුනිළයින් මේ සදහා සහභාගි වු අතර, පොල් පැල සිටුවිමේ කාර්යය සාර්ථක කර ගැනීම සදහා ඉඩම හිමි ගොවි මහතාගේ නොමද සහය ලබාදෙන ලදී.