Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2024 14:18:18 Hours

17 (ස්වේ) ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව වෙතින් ක්‍රිස්තියානි බැතිමතුන් සදහා කරන ලද ප්‍රජා සත්කාරක වැඩසටහන් පිලිබද විස්තර ඉදිරිපත් කිරිම

17 (ස්‌වේ) ශ්‍රිලපාහ භඨපිරිස් විසින් මඩු පාර සිට වව්නියාව දක්වා 2024 මාතුර් 07 දින ක්‍රිස්තියානි බැතිමතුන් විසින් සංවිධානය කල පාගමන සදහා 56 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 562 පාබල බළසේනාධිපති තුමන්ගේ පූර්න අධිකෂණය යටතේ‚ නිළධාරින් ඇතුලු සෙසු නිලයින්ගේ කැපවිම හා දායකත්වය මත සහභාගිවු බැතිමතුන් හට උදෑසන ආහාරය ලබා ගැනීම සදහා වඩකාඩු ක්‍රිස්තියානි පල්ලියේ ජල ටැංකි යොදා පානිය ජලය සපයා දෙන ලදි.

පසුව පුවරසන්කුලම් කෝවිල ඉදිරිපිට පානිය ජල ටැංකි ස්ථානගත කර පානිය ජලය ලබා දිම සහ 17 (ස්‌වේ) ශ්‍රිලපාහ මුලස්ථාන කදවුර ඉදිරිපිට දි පා ගමනේ යෙදෙන ක්‍රිස්තියානි බැතිමතුන් හට දෙහිපානයක් ලබා දී අනතුරුව දිවා ආහාරය ලබාගැනීම සදහා පම්පෙමඩු ක්‍රිස්තියානි පල්ලිය තුල කුඩාරම් සකස් කර බුෆේ කට්ටල දමා සුදනම් කර පා ගමනින් පැමිණි බැතිමතුන් වෙත හදිසි ප්‍රථමාධාර අවශ්‍යතා සදහා වෛද්‍ය සහයෙකු සමඟ ස්ථානයක් සකස් කර ගිලන් රථයක සේවාව ලබාදෙන ලදි. තවද වඩකාඩු සිට නෙලුක්කුලම් දක්වා මහා මාර් ගය පා ගමනේ යෙදෙන බැතිමතුන් හට ගමන් ගැනීමට පහසුවන ආකාරයට ජල බවුසර් යොදා මාර්ගය උෂ්නත්වය පාලනය වන පිරිදි ජලය ඉසින ලදි.