Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th March 2024 18:05:27 Hours

17 ශ්‍රිලපාහ ඒකකය විසින් මත්ද්‍රව්‍ය නිවරණ වැඩසටහනක් වව්නියාව සිරිසුමන විද්‍යාලයේදී පවත්වයි

56 පාසේමු යටතේ ඇති 17 (ස්වේ) ශ්‍රීලපාහ ඒකකය මඟින් අභියෝග හමුවේ ජයගමු ළමා ලෝකය යන තේමාව යටතේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන 2024 මාර්තු මස 22 වන දින වව්නියාව සිරි සුමන විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම සවිස්තරාත්මක දේශනය සඳහා උතුරු මැද පළාත් ජාතික අන්තාරාදායක මත්ද්‍රව්‍ය පාලන කමිටුවෙහි නිලධාරිනි, දේශක, මනෝ විද්‍යා උපදේශක එච් එම් ටී කේ සෙනෙවිරත්න මහත්මිය සහභාගී වූ අතර මෙහිදී අන්තාරායක මත්ද්‍රව්‍යයන් සහ ඒවා භාවිතයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ දැනුවත් කරන ලදී. මේ සඳහා 200 කට අධික සිසුන් පිරිසක් සහභාගී විය.

56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය සහ 562 බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් එස් ජේ තෙන්නකෝන් ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්විම යටතේ මෙම වැඩසටහන පැවැත්වූ අතර මේ සඳහා 56 පාසේමූ සිවිල් සම්බන්ධීකරණ නිළධාරී, 17 (ස්වේ) ශ්‍රීලපාහ දෙවන අණදෙන නිළධාරි, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහභාගි විය.