29th September 2024 18:23:02 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ජාතින් අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑම්සි පිරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්විම යටතේ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පූර්ණ අධික්‍ෂණය මත 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩී ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මුලිකත්වයෙන් 16 වන බලඇණිය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්එච් වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මෙහෙයවීමෙන් යුතුව ශ්‍රි ලංකා යුධ හමුදාව හා සිවිල් ජන සමාජය අතර ඇති සබැඳියාව තව තවත් ශක්තිමත් කරවීම සඳහා ධානපති මිෂන් ලංකා පදනමේ නිර්මාතෘ ශාන්ත දළුගමගේ මැතිතුමා (නෙදර්ලන්තය) රුපියල් ලක්‍ෂ දෙකක් හා ජපානයේ කෘෂිකර්ම ව්‍යවසායකු වන එස් ජයන්ත සමරවීර මැතිතුමාගේ රුපියල් ලක්‍ෂයක මූල්‍ය දායකත්වයෙන් හා 16 ශ්‍රිලංසිරෙ ඒකකයෙහි භඨ පිරිස් විසින් රුපියල් ලක්‍ෂ 12 ක පමණ වටිනාකමකින් යුත් ද්‍රව්‍ය, ශ්‍රමය, මූල්‍යමය දායකත්වයෙන් යුතුව බලප්‍රදේශයේ සින්නඅඩප්පන් ග්‍රාම නිලධාරි වසමට අයත් කරපුප්කුට්ටි ගම්මානයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුලක් වන නට්ගුණසිංහම් රමේෂ් යන සිවිල් පුද්ගලයා හට නිවසක් ඉදිකරදී එම නිවස 2024.09.24 වන දින ඔහු වෙත ලබාදීමේ වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.