02nd October 2024 18:42:37 Hours
12 (සෙව්) බලඇණිය විජයභාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්හි මූලිකත්වයෙන් වව්නියාව සින්නවලයන්කඩ්ඩු ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 ඔක්තෝබර් මස 02 වන දින සාර්ථකව අවසන් කෙරිනි. නව නිවස විවෘත කිරීමේ උත්සවය සදහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි සහභාගි වූ අතර, සේනාංකාධිපති තුමාගේ සුරතින් නිවාසලාභීන් වෙත නව නිවසේ යතුර ප්‍රධානය කරනු ලැබීය.