Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st March 2024 09:02:29 Hours

12 (ස්වේ) විපාරෙ තම බළඇණි පුහුණු පාඨමාලාවේ ආරම්භය සනිටුහන් කරයි

56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 12 (ස්වේ) විපාරෙ බළඇණි පුහුණු පාඨමාලාවේ ආරම්භය නිල වශයෙන් ආරම්භක දේශනය මඟින් 2024 මාර්තු මස 18 වන දින පාබල බළඇණි පුහුණු පාසල - ආලන්කුලම හිදී සනිටුහන් කරන ලදී. පුහුණුවේ වැදගත්කම, පුහුණුව තුළින් රණශූරයින් නිර්මාණය කිරීම, සොල්දාදුවන් සතුව තිබිය යුතු කැපවීම, එඩිතරබව සහ එකමුතුකම පිළිබඳ අවධාරණය කරමින් සේනාංකාධිපති තුමන් විසින් සොල්දාදුවන් දිරිගන්වන ලදී. තවදුරටත් සේනාංකාධිපති තුමා විසින් පාඨමාලාවේ නවාතැන් හා සනීපාරක්ෂක පහසුකම් පරික්ෂා කරන ලදි.

ආඥාපති ආසේමු (වන්නි) ජේෂ්‍යඨ නිලධාරිතුමන්ගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම පාබල බළඇණි පුහුණු පාඨමාලාව දින 45ක් පුරා පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සදහා නිලධාරීන් 7ක් සහ සෙසුනිලයින් 385 ක් සහභාගී වනු ඇත.

562 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එස්ජේ තෙන්නකෝන් ආර්එස්පී, 56 පාබල සේනාංක මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගී විය.