Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th June 2025 09:04:54 Hours

10 ශ්‍රීලපාහ ඒකකය මගින් රුක් රෝපන වැඩසටහනක් පැවැත්වීම.

561 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් එම්එස්පි බංඩාර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම අනුව 10 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් ඩිඑන්ටි ද සොයිසා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණයෙන් ජගත් පරිසර දිනයට සමගාමිව පාලිනගර් ජාතික පාසල කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් 2025.06.06 දින පවත් වන ලදී. මේ සඳහා 10 ශ්‍රීලංකා පාබල හමුදාවේ නිලධාරින් හා සෙසුනිළයින් දායකත්වය දැක්වු අතර, රුක් රෝපණය සඳහා මෙම පාසලේ ගුරුභවතුන් හා දරු දැරියන් ද සහභාගි වුහ.