Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th March 2024 22:25:27 Hours

10 ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් දෘශ්‍යාබාධිත අයවලුන් සදහා අක්ෂි වෛද්‍ය සායනයක්

56 පාබල සේනාංකය යටතේ ඇති 10 ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් පුණරුත්ථාපනය සදහා සහයවිමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ අනුග්‍රහයෙන් නඩ්ඩන්කණ්ඩාල් ප්‍රදේශයේ දෘශ්‍යාබාධ අයවලුන් සදහා අක්ෂි සායනයක් 2024 මාර්තු මස 16 දින නඩ්ඩන්කණ්ඩාල් ප්‍රාදේශීය රෝහලේදී සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන සදහා රෝගීන් 287 ක් සහභාගි වූ අතර ඔවුන් ඇස් කණ්ණාඩි පරිත්‍යාගය සහ සැත්කම් සදහා ඉදිරිපත් කිරීමටද නියමිතය. මෙහි සමාරම්භක අවස්ථාව සදහා 56 පාසේමු නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එස් වී ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජි සහභාගි විය.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම හා උපදෙස් පරිදි 561 බළසේනාධිපති කර්නල් එම්ඒජී මලන්දෙණිය ආර්එස්පී සහ 10 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිලධාරී මේජර් කේඒකේ හේවාපතගේ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පුනුරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම සදහා සහයවීමේ සංවිධානයේ ලේකම් ආචාර්‍ය සර්වේෂ්වරන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. තවදුරටත් මෙම අක්ෂි සායනය සදහා සහභාගි වූවන් වෙත ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන ලදි.

56 පාබල සේනාංක නියෝජ්‍ය සේනාංකාධිපති, පුනුරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම සහ සහයවීමේ සංවිධානයේ නිලධාරීන්, 56 පාසේමු කර්නල් සම්බන්ධීකරණ, අණදෙන නිලධාරී 10 ශ්‍රීලපාහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.