Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd January 2024 20:00:31 Hours

10 වන බළඇණියේ ශ්‍රී ලංකා පාබල ඒකකයේ භඨ පිරිස් විසින් මල්ලාවි මූලික රෝහලේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී

මුලතිව් දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා 10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2023 දෙසැම්බර් මස 29 වන දින මල්ලාවි මූලික රෝහලේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

ආසේමු (ව) අඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පිඒඩිඩබ්පිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ තුමාගේ උපදෙස් මත 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පි එන්ඩිසි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්වීම යටතේ 561 පාබල බසේමු බළසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී හා 10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ වැ.බ අණදෙන නිලධාරි මේජර් එම්එල්කේ ගුණතිලක ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකල අතර. වැඩසටහන සඳහා 02x30 භඨ පිරිස් සහ මල්ලාවි රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී විය.