Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th September 2024 16:03:13 Hours

10 ශ්‍රීලපාහ ඒකකය විසින් අඩුඅදායම් ලාභී පවුලක් සදහා නිවසක් විවෘත කිරීම

2024 සැප්තැම්බර් 06 වැනි දින වව්නිකුලම් ප්‍රදේශයේදී අඩු ආදායම් ලාභී පවුලකට අලුතින් ඉදිකරනලද නිවසක් ප්‍රදානය කිරීමේ සුවිශේෂී මානුෂීය මෙහෙවරක් සිදුකරන ලදී. 56 වන සේනාංකසේ නාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් මෙහෙයවන ලද අතර, 56 වන සේනාංකයේ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 561 වන බළසේනාවේ බළසේනාධි පතිබ්‍රිගේඩියර් බීඩී ප්‍රනාන්දු යුඑස්පී එච්ඩීඑම්සී පිඑස්සී, 10 ශ්‍රීලපාහ අණදෙනනිලධාරි ලුතිනන් කර්නල් කේඒකේ හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සියලුම නිලයන් සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. ආගමික වතාවත්වලින් ආශිර්වාදලත් මෙම භාරදීමේ උත්සවයට පාලිනගර් ජාතිකවි ද්‍යාලයේ විදුහල්පති ශ්‍රී කමලනාදන් මහතා ඇතුළු ප්‍රජා සාමාජිකයින් සහ ප්‍රදේශයේ සම්භාවනීය අමුත්තන් සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ දයානුකම්පිත දැක්ම සහ වන්නි ආරක්ෂකසේනා ආඥාපති මේජර්ජෙනරල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 56 වන සේනාංක සේනාංකාධිපති මේජර්ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩී ප්‍රනාන්දු යුඑස්පී එච්ඩීඑම් සීපිඑස්සී, 10 ශ්‍රීලපාහඅණදෙනනිලධාරිලුතිනන්කර්නල්කේඒකේහේවාපතගේආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහ 10 ශ්‍රීලපාහ සියලුම නිළයන්ගේ මූල්‍ය, ශ්‍රමය, තාක්‍ෂණික සහයෙන් සහ උත්සාහයෙන් ජාතිය ගොඩනැගීමට සහ ජන ජීවිතය දියුණු කිරීමට හමුදාවේ කැපවීම පෙන්වමින් මෙහෙයවන ලද ව්‍යාපෘතිය පරන්තන් හිකුලේන්ද්‍රන් රවී මහතාගේ විශේෂ මුල්‍ය දායකත්වයෙන් වඩාත් සාර්ථක ලෙස නිමකර භාරදෙන ලදී.

මෙම ආරම්භය සමාජ සුභසාධනය ප්‍රජා උන්නතිය සහ ජාතියේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කල්පවත්නා කැපවීම මනාව පෙන්නුම් කරයි.