Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd June 2025 11:51:37 Hours

“Clean Sri Lanka” වැඩසටහන යටතේ ඉරට්ටපෙරියකුලම් ග්‍රාමීය සිද්ධ ආයුර්වේද රෝහල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි

213 පාබල බළසේනාවේ බළසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 2025 ජුනි මස 20 වන දින පිරිසිදු ශ්‍රී ලංකාවක් “Clean Sri Lanka” වැඩසටහනට සහය දක්වමින් 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් හා ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ සහයෝගයෙන් ඉරට්ටපෙරියකුලම් ග්‍රාමිය සිද්ධ ආයුර්වේද රෝහල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.