Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st January 2023 11:16:28 Hours

“යො ගිලානං උපට්ඨති, සො මං උපට්ඨති” [යම් අයෙක් ගිලන් අයෙකුට උපස්ථාන කරයිද, හෙතෙම මට (තථාගතයන් වහන්සේට) උපස්ථාන කරයි].

කොරෝනා වෛරසයෙන් පීඩිත වූ, මුඛ ආවරණ පැළඳීම හේතුවෙන් ප්‍රාශ්වාස වාතය එකතුව පීඩිත වූ පෙනහළු; රජයේ රෝහල්හි ඖෂධ හිඟ, පරිසර උෂ්ණත්වය අඩු, පරිසර තෙතමනය වැඩි මේ සමයේ; ආසාදනය වීමෙන් රැකදෙන්නට; යුද හමුදාපති එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ මහතාගේ විධාන පරිදි; වවුනියාවේ, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සීඩී රණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී මහතාගේ විධාන පරිදි; උතුරු මැද පෙදෙසේ, ඉදිරි නඩත්තු පෙදෙස යුද හමුදා කඳවුරේ ආඥාපති මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යූඑස්පී ඒටීඕ මහතාගේ විධාන පරිදි; සහෝදර යුද හමුදා සේවක පිරිස; කොළඹ විශ්ව විද්‍යාලයේ, ආයුර්වේද වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, ඉන්ද්‍රජිත් සෝමරතන වෛද්‍යතුමාගේ උපදෙස් මත (අප්‍රසිද්ධියේ වැඩවසන පැවිද්දෙක් විසින් සම්බන්ධීකරණය කරන ලදී); දෙසැම්බර් 28 බදාදා, රුවන්වැලි මහාසෑයේ වැලිමළුවේ පැවතුන සීල වැඩසටහනට සහභාගී වන සිල්ඇත්තන්ව; වැස්සෙන්- පින්නෙන් රැකදීම පිණිස වර්ග අඩි තුන්දහසක (අඩි100 x අඩි30) ටෙන්ට් එකක් අටවා හිසට ආවරණයක්ද; එදින රුවන්වැලිසෑය භූමියට පිවිසෙන සිල් සමාදන් වූ සහ සිල්සමාදන් නොවූ සැමට එකසේ මෙත් සිතින්; ඉඟුරු මිශ්‍රිත, රන්වන් පැහැය වනතෙක් බැදපු කොත්තමල්ලි ගිලන්පස කෝප්ප පන්දහසක දන්සැලක්ද පුදා, ආයුෂ වැඩෙන පිං රැස්කර ගන්නා ලදී.

ආයුර්වේද වෛද්‍ය මතයට අනුව, ශීත ඍතුවට සරිලන අන් ගිලන්පස නම් තේ, ඉඟුරු - තේ, කෝපි, කොකෝවා, වෙනිවැල්ගැට, ඉඟුරු - කොත්තමල්ලි - වෙනිවැල්ගැට, කබලේ බැද කුඩු කළ සූදුරු, පස්පංගුව, පේයාව, තැම්බුම් හොදි සහ රසම් (උෂ්ණ ඍතුවේදී ඇඟ නිවීම සඳහා කොත්තමල්ලි නොබැද ගිලන්පස සෑදිය යුතුවේ). ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන් බහුල බැවින්, ගිලන්පස සැදීමේදී යොදන සීනි ප්‍රමාණය අවම කිරීමෙන්, ශ්‍රී ලංකාවේ හෘද රෝග වැළඳීම සහ පැතිරීම අඩුකරගත හැකිවේ.

සමාදන් වූ සීලය රකින්න දක්ෂ තැනැත්තාට ඕනෑම සභාවකට, යුද පිටියකට වුවද, නොභියව පිවිසිය හැකිවේ.