Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th July 2022 16:13:55 Hours

සමාජ සත්කාරක වැඩසටහන් සිදුකිරිම

මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව 17 වන අධියර සහ අතහිත 2022 වැඩසටහන් මාලාවේ 06 වන අධියර වැලිඔය ප්‍රාදේශිය ලේකමි කොටිඨාශය ආවරණය වන පරිදි 2022 ජුලි මස 02 වන දින ශ්‍රිපුර ප්‍රාථමික විද්‍යාලය, ජනකපුර ප්‍රාථමික විද්‍යාලය සහ පරණමැදවචිචිය ප්‍රාථමික විද්‍යාලයන්හි සිදුකරන ලදි. මෙහිදි පාසල් සිසුන් 196 දෙනෙකු සදහා රු: 8000 ක් බැගින් වු එනමි මුලු මුදල රු: 1,568,000.00 ක පාසල් උපකරණ කටිටල බෙදාදිමක්ද අඩු ආදායමිලාභි පවුල් 75 ක් සදහා රු: 4500 ක් බැගින් වු එනමි මුලු මුදල රු: 3,37500.00 ක වියලි සලාක මලු පරිත්‍යාග කිරිමක්ද සිදුකරන ලදි. තවද, කිරිඉබිබන්වැව විහාරස්ථාන පිරිවෙනෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රු: 27500 ක වටිනාකමකින් යුත් කාර්යාලිය උපකරණ කටිටලයක් පරිත්‍යාග කිරිමද සිදුකරන ලදි.

මෙම අනගිභවනිය මෙහෙවර 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව හෙටිටිආරචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උපදෙස්, මගපෙන්විම යටතේ හා 622 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඉනෝජ් හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 9 ගරෙ හා 20 ගරෙ ඒකක අණදෙන නිළධාරිවරුන්ගේ සංවිධානයෙන් යුතුව හා 621 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් කදනආරචිචි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය සදහා පුර්ණ මුල්‍ය අනුග්‍රාහකත්වය ශ්‍රි ලංකා මහ බැංකුවේ සේවයේ නියුතු ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා (සංකල්පය, සංවිධානකරණය සහ මෙහෙයවිම), ජානක එදිරිසිංහ මහතා, පියුමි වතුගල මහතා, ජානක මහිපාල මහතා, සුපුන් කුමාරසේන මහතා, නුවන් වික්‍රමසිංහ මහතා හා රජිත් මුණසිංහ මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සිදුකරන ලදි.