Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd January 2023 18:41:08 Hours

සමස්ත ලංකා පාසල් 14 න් පහල බේස්බෝල් ශූරයන් සහ අනුශූරයන් වෙත සුභ පැතිමේ උත්සව පැවත්විම.

සමස්ත ලංකා පාසල් බේස්බෝල් තරගාවලියේ 14න් පහල වයස් කාණ්ඩයේ ශූරතාවය දිනාගත් මු/සමිපත්නුවර ජාතික පාසලේ බේස්බෝල් කණ්ඩායම හා එම තරගාවලියේ අනුශූරතාවය දිනාගත් අ/අලිවංගුව මහ විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමි විසින් ලබාගත් ජයග්‍රහණයන් වෙනුවෙන් එම ක්‍රීඩා කණ්ඩායම් වෙත සුභ පැතිමේ උත්සවයන් 2023.01.02 දින 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසී ප්‍රධානත්වයෙන් ශූරතාවන් ලබාගත් පාසැල් දෙක තුලදි පවත්වන ලදි.

වයස අවුරුදු 14න් පහල සමස්ත ලංකා පාසල් බේස්බෝල් ශූරතාවය, අනුශූරතාවය හා එම තරගාවලියේ සමස්ත ලංකා හතරවන ස්ථානය ලබාගත් අ/පරාක්‍රමපුර මහ විද්‍යාලය යන පාසල් ද්විත්වය 62 පාබල සේනාංක බලප්‍රදේයේ පිහිටා ඇත.

මෙම තරගාවලිය සදහා සහභාගිවු පාසැල් වෙත ගම්පහ උඩුගම්පොල පැවති තරගාවලිය සදහා සහභාගිවිම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ද 62 පාබල සේනාංක මුලස්ථානය වෙතින් සපයා දෙන ලදි.