Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th July 2022 10:11:36 Hours

වියලි සලාක බෙදා දීමේ වැඩසටහන් පැවැත්වීම

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩිපි එදිරිසිංහ පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 651 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්ඩබ්ලිවි බංඩාර ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධිෂණයෙන් හා 17(සෙවි) ශ්‍රීලපාහ ඒකකය විසින්සංවිධානය කර මුලතිව් දිස්ත්‍රික්කයට අයත් තුනුක්කායි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් උයිලන්කුලම් සහ තේරන්කණ්ඩාල් ග්‍රාගමසේවා වසම්හි අඩු ආදායම්ලාභි පවුල් 34 ක් සදහා වියලි සලාක මලු බෙදා දීමේ වැඩ සටහනක් 2022.07.20 දින පවත්වා ඇත.

මෙම උත්සවය 651 පාබල බසේමු වෙතින් සංවිධානය කරන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්ඊ ඒ ඩි පි එදිරිසිංහ පිඑස්සි යන ‍ෙජ්‍යෂ්ඨ නිළධාරි සිවිල් සම්බන්ධිකරණ නිළධාරි 65 පාබල සේමු ලුතිතන් කර්නල් ජෙඩියුටි කුමාර ආර්එස්පි සහ අණදෙන නිළධාරි 17(සෙවි) ශ්‍රීලපාහ ඒඒඑන්බි අතුරුගිරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා 17(සෙවි) ශ්‍රීලපාහ ඒකක භඨපිරිස් මේ සදහා සහභාගිවන ලදි.