Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd October 2025 12:58:37 Hours

ලෝක ළමා දිනයට සමගාමීව මන්/පාලක්කුලි රෝමාණු කතෝලික දමිල මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන ළමුන් සදහා දිවා ආහාර වෙලක් ලබා දිමේ වැඩසටහනක් පවත්වන ලදි.

ආසේමු (වන්නි) ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 541 පාබල බලසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ, 10 (ස්වේ) ගැමුණු හේවා බලඇණියේ ඒකක අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ ලෝක ළමා දිනයට සමගාමීව මන්/පාලක්කුලි රෝමාණු කතෝලික දමිල මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 28 දෙනෙකු සදහා දිවා ආහාර වේලක් ලබා දිමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ 2025 ඔක්තෝබර් මස 01 වන ඒකකයේ රාජකාරි කරනු ලබන නිලධාරී/සෙනින්ගේ ශ්‍රමදායකත්වයෙන් පවත්වන ලදි.