Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th October 2022 19:11:04 Hours

ලෝක ළමාදිනයට සමගාමිව වැඩසටහන් සිදු කිරිම

65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ර්ජෙනරාල් ඊ ඒ ඩි පි එදිරිසිංහ ෂ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 651,652,653 පාබල බසේමු බළසේනාධිපති වරුන්ගේ අධිෂණයෙන් යුතුව ලෝක ළමා දිනයට සමගාමිව පහත සදහන් වැඩසටහන් 2022.10.01 දින සිදු කරන ලදි.

651 පාබල බළසේනාව හා 17 (සෙවි) ශ්‍රීලපාහ ඒකකය විසින් වෙල්ලම්කුලම් කනේෂපුරම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සදහා පාසල් උපකරණ හා දිවා ආහාර 2022.10.01 දින බෙදා දෙන ලදි.

652 පාබල බළසේනාව විසින් නඩ්ඩන්කණ්ඩාල් මාරන් මුදලි පෙර පාසලේ හා විනයාගපුරම් තිලිපන් පෙරපාසලේ ළමුන් 22 සදහා දිවා ආහාර පාරසල් 2022.10.01 දින බෙදා දෙන ලදි.

653 පාබල බළසේනාව විසින් තච්චනාමරදමඩු මඩු පෙර පාසල සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2022. 10.01 සිදු කරන ලදි.

මෙමඋත්සවය 651,652 සහ 653 පාබල බසේමු විසින් සංවිධානය කර සම්බන්ධීකරණය කරන ලද අතර, 651 පාබල බසේමු බළසේනාධිපති බ්‍ර්ගේඩියර් කේඑම්ඩබිලිවි බංඩාර ආර්එස්පි, 652 බළසේනාධිපති බ්‍ර්ගේඩියර් ඩබ්ලිවිඒයුඑස් වනසේකර ආර්ඩබිලිවිපි යුඑස්පි, 653 පාබල බසේමු බළසේනාධිපති බ්‍ර්ගේඩියර් ඩිඑන්එස්පි සේරසිංහ ආර්එස්පි,සිවිල් සම්බන්ධිකරණ නිලධාරි - 65 පාබල සේමු ලුතිතන් කර්නල් ජේඩියුටි කුමාර ආර්එස්පි ශ්‍රීලකාහ, සහ වෙල්ලම්කුලම් කනේෂපුරම් ප්‍රාථමික විද්‍යලයේ විදුහල්පති ගුරු බවතුන් දෙමාපියන් හා සිසුන් මෙම අවස්ථාවට සහභාගීවිය.