Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th May 2024 13:26:40 Hours

රාජෙන්ද්‍රකුලම් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත අයවලුන් සදහා අක්ෂි වෛද්‍ය සායනයක් සංවිධානය කිරීම

සුභදත්වය සහ ත්‍යාගශිලිත්වය ඉදිරියට ගෙන යමින් 56 පාබල සේනාංක භඨ පිරිස් සහ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරිමට සහය විමේ සංගමය විසින් අක්ෂි සායනයක් 2024 මැයි මස 12 වන දින රාජෙන්ද්‍රකුලම් දෙමල මිශ්‍ර විද්‍යාලයේදි සිදු කරන ලද අතර මේ සදහා අරමුදල් පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරිමට සහය විමේ සංගමයේ ලේකම් වෛද්‍ය වේලායුදම් සර්වේෂ්වරන් මහතාගේ අනුග්‍රහයෙන් සිදු කරන ලදී. මෙම අක්ෂි සායනය මගින් දෘෂ්‍යබාධීත අයවලුන් 382 ක් සහභාගි වු අතර ඔවුන් සදහා ඇස් කන්නාඩි ලබා දිම සහ ඉදිරි ශල්‍යකර්ම සදහා හදුනා ගන්නා ලදි. මෙම අක්ෂි සායනය 56 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 562 බලසේනාවට අයත් 17 (සෙව්) ශ්‍රිලපාහ විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා 56 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, 562 බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, අනන්ති අක්ෂි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහ විෂන්කෙයාර් ආයතනයේ කාර්යමණ්ඩලය මෙම අවස්ථාව සදහා සහභාගි විය.