Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st March 2022 07:37:31 Hours

රසායනික කෘෂිකර්මාන්තයට එරෙහි ස්වාභාවික කෘෂි කර්මාන්තය තුලින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා සමාජය යොමු කිරිම පිළිබද දේශණයක් පැවැත්වීම

ආරක්ෂක සේනා අඥාපති (වන්නි) මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම යටතේ මෙම මූලස්ථානයට අයත් පාබල සේනාංක, පාබල බසේමු සහ ඒකකයන්හී රාජකාරීන් සිදු කරනු ලබන නිළධාරින් 74 දෙනෙකු සදහා "ස්වාභාවික කෘෂිකර්මාන්තයට එරෙහි ස්වාභාවික කෘෂි කර්මාන්තය තුලින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා සමාජය යොමු කිරිම" යන මාතෘකාව යටතේ ඉතාමත් වටිනා දේශණයක් 2022.02.25 වන දින ආරක්ෂක සේනා (වන්නි) දේශණ ශාලාවේදී පැවැත්විය.

මෙම දේශණය ප්‍රගති සේවා පදනමේ කළමාණාකර අධ්‍යක්ෂක පරිසරවේදී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා විසින් සිදු කල අතර, මේ සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු නිළධාරින් සහභාගී විය.