Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th June 2023 15:58:03 Hours

යුද හමුදාවේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 543 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර හරස්ගම ආර්එස්පී යන ජ්‍යේශ්ඨ නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය මත මන්නාරම දිස්ත්‍රික් රෝහලෙහි වෛද්‍ය අධ්‍යක්ෂ එස් යෝගේශ්වරන් මහතාගේ ඉල්ලීම පරිදි මන්නාරම දිසිත්‍රික් රෝහලෙ නේවාසික ප්‍රථිකාර ලබන රෝගින්ගේ ප්‍රයෝජනය සදහා 541 පාබල බලසේනාව, 542 පාබල බලසේනාව, 543 පාබල බලසේනාව හා ඒ යටතේ ඇති ඒකකයන්හි රාජකාරි නියුතු යුද හමුදා සමාජිකයන් 112 ක පිරිසකගේ දායකත්වයෙන් 2023.06.09 වන දින 0800 පැයේ සිට 1600 පැය දක්වා කාලය තුල මන්නාරම නගර සභා ශාලාවේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී .මෙම අවස්ථාව සදහා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි - 54 පාබල සේනාංකය ,සිවිල් සම්බන්ධීකරණ නිලධාරී - 543 පාබල බලසේනාව හා ඒකක අණදෙන නිලධාරීන් සහභාගි වන ලදී.