Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th October 2022 13:43:40 Hours

යුද හමුදාවේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මන්නාරම දිස්ත්‍රික් රෝහලෙහි විවිධ අඩුපාඩු මත වසාතිබූ 11 වාට්ටුව අලුත්වැඩියා කර නැවත රෝහල වෙත භාර දෙන ලදි

54 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලියුපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඒස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි සේනාංකයේ 12 වන සංවත්සරයට සමගාමීව සිදු කරන ලද වැඩසටහන් අතරින් මන්නාරම දිස්ත්‍රික් රෝහලෙහි විවිධ අඩුපාඩු මත වසාතිබූ 11 වාට්ටුව ප්‍රාදේශීය සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ යුද හමුදා සෙබළුන්ගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කර නැවත රෝහල වෙත භාර දීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 29 දින සිදු කරන ලදි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රු. 300000.00 පමණ මුදලක් වැයවූ අතර ඒ සදහා ප්‍රදේශයේ ධීවර සමිති සහ වෙළද සංගමයේ මූල්‍ය දායකත්වය ලබා දෙන ලදි. මෙම අවස්ථාව සදහා සේනාංකාධිපති 54 පාසේමු, බළසේනාධිපති 543 පාබසේමු, කර්නල් සම්බන්ධීනරණ 54 පාසේමු, වෛද්‍ය වරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ ධීවර සමිති සහ වෙළද සංගමයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වන අතර මෙම අවස්ථාවෙදී වාට්ටුවෙහි නෙවාසික රෝගින් සදහා ත්‍යාග පාර්සලයක්ද ලබා දෙන ලදි.