11th April 2025 16:25:37 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථාන (වන්නි) මේජර් ජෙනරාල් කේඑම්පිඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ මූලික ජීවිතාරක්ෂක පාඨමාලා අංක 23 - 2025 මාර්තු මස 04 වන දින සිට 2025 අප්‍රේල් මස 10 වන දින දක්වා වැඩ කරන දින 30 ක් පුරා ආසේමු(වන්නි) බල ප්‍රදේශය යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරමින් සෙසුනිලයින් 26 දෙනෙකුගෙන් යුක්තව 21 වන පාබල සේනාංක මුලස්ථාන පිහිණුම් තටාකයේ දී සාර්ථකව පවත්වන ලදී.
එම පාඨමාලාවේ සාමාප්ති උත්සවය 2025 අප්‍රේල් මස 10 දින යුද්ධ හමුදා පිළිවෙතට අනුව 21 පාබල සේනාංක මුලස්ථාන පිහිණුම් තඨාකයේ දි පැවැත්වු අතර,එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පි.ඩබ්ලිව්.ඩබ්ලිව්.බි.ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගි වන ලදි. මෙම පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස 4 ශ්‍රිලංසංබ ඒකකයට අයත් සෙ/2137248 ආසෙ චන්ද්‍රසිරි බිඑස් සම්මානයට පාත්‍ර විය. තවද මෙම සමාප්ති උත්සවය අලංකාරවත් කිරිම සදහා පිහිණුම් සංදර්ශනයක් ද පවත්වන ලදි. මෙහි සුවිශේෂි කරුණ වන්නේ ශ්‍රි ලංකා ජීවිතාරක්ෂක සංගමයේ අනුමැතිය ඇතිව ජල සුරක්ෂිතතා සහ CPR (හෘද රෝග - පෙනහළු පුනර්ජීවනය) සහතික ද ප්‍රදානය කරන ලදී.